ලෝක කුසලාන අවසන් පූර්ව තරග පැවැත්වෙන්නේ මෙහෙමයි

ලෝක කුසලාන අවසන් පූර්ව තරග පැවැත්වෙන්නේ මෙහෙමයි

November 6, 2022   05:13 pm

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීමට අද (06) පාකිස්තානය සහ ඉන්දියාව සමත් විය.

ඒ අනුව නවසීලන්තය, එංගලන්තය, පාකිස්තානය සහ ඉන්දියාව අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා තිබේ.

ඉන් පළමු අවසන් පූර්ව තරගය පාකිස්තානය සහ නවසීලන්තය අතර 09 වනදා සිඩ්නිහිදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ එංගලන්තය අතර 10 වනදා ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.