පාකිස්තානයට ලකුණු 128ක ඉලක්කයක්

පාකිස්තානයට ලකුණු 128ක ඉලක්කයක්

November 6, 2022   11:24 am

ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය කරන බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගය මේ වන විට පැවැත්වේ.

ඇඩිලේඩ්හිදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව මීට ටික වේලාවකට පෙර පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 8ක් දැවී ඔවුන් ලකුණු 127ක් ලබාගත්තේය.