නායයෑමේ අවදානමට මුහුණ දුන් ප්‍රදේශ

නායයෑමේ අවදානමට මුහුණ දුන් ප්‍රදේශ

November 1, 2022   04:30 pm

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට 03 වන මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, දිස්ත්‍රික්ක 08ක හඳුනාගත් ප්‍රදේශ සඳහා ද අදියර 1 සහ 2 මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය.

ඒ මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මොනරාගල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට අයත් අවදානම් ප්‍රදේශ සඳහාය.