පස්කන්දකට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පස්කන්දකට යට වී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

November 1, 2022   10:50 am

බණ්ඩාරවෙල, හම්පරාව ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

ඊයේ (31) රාත්‍රියේ කොන්ක්‍රීට් බැම්මක් සහ පස්කණ්ඩියක් නිවසක් මතට කඩා වැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. 

එලෙස මියගොස් ඇත්තේ 73 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ නිවසේ හිමිකරු, ඔහුගේ බිරිඳ, පුතා සහ ඥාතී කාන්තාවක් නිවසේ සිට තිබේ. 
 
එහිදී නිවසේ හිමිකරු සහ ඥාතී කාන්තාව තුවාල ලබා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු නිවසේ හිමිකරු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.