සෙනඟ පිරි පාලම කඩාවැටීමට පෙර
සයුරෙන් එතෙර

සෙනඟ පිරි පාලම කඩාවැටීමට පෙර

October 30, 2022   10:52 pm

ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ එල්ලෙන පාලමක් කඩාවැටීමෙන් මිය ගිය ගණන 60ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

එම පාලම මත එකවර විශාල පිරිසක් සිටීම හේතුවෙන් එය කඩාවැටී තිබුණි.

එහි සිටි පිරිස ගඟ ට වැටී ඇති අතර ඉන් බොහෝ දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා විය.

තවත් පිරිසක් අතුරුදන් වී ඇති බව සඳහන් වෙයි.

කඩාවැටුණු පාලමේ සෙනඟ විශාල ප්‍රමාණයක් සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.

එම වීඩියෝව මෙතැනින් නරඹන්න.