ආණ්ඩුව ගැන රට හිතන හැටි
October 30, 2022 08:22 pm
වත්මන් ආණ්ඩුවේ කටයුතු පිළිබඳව ජනතා අනුමැතිය ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් සිදුකළ නවතම ජනමත විමසුමෙන් අනාවරණ වී තිබේ.
දීපව්‍යාප්ත ජනතාව අතරින් නියැඳියක් තෝරාගනිමින් සිදුකළ එම ජනමත විමසුමේදී මේ වනවිට රට තුළ ක්‍රියාත්මක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් වූ ජනතා තෘප්තියද ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් පෙන්වා දෙයි.
රිටේ රිසර්ච් සිදුකළ "රට හිතන හැටි" දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝබර් මාසය සඳහා වන තොරතුරු අද නිකුත් කෙරුණි.
දිවයින පුරා පදිංචි පුද්ගලයින් 1,018 දෙනෙකුගේ නියැඳියක් තෝරාගෙන එම ජනමත විමසුම සිදුකර තිබේ.
ඒ අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත කරන්නේද නැද්ද යන්න විමසූ විට ඊට ජනතා අනුමැතිය ලැබී තිබුණේ 10%ක මට්ටමකි.
ඒ වසරේ ජුනි මාසය වනවිට ආණ්ඩුව ගැන අනුමැතිය පැවතියේ සියයට 3ක් තරම් පහළ අගයකි.
එමෙන්ම රටේ කටයුතු සිදුවෙමින් තිබෙන ආකාරය ගැන සෑහීමකට පත්වන්නේද? යන්නත් මෙම ජනමත විමසුමේදී අවධානයට ගෙන තිබුණි.
2022 ජනවාරි මාසයේදී සියයට 6ක් ව පැවැති එම අගය ඉකුත් ජුනි මාසයෙදී සියයට 2ක දක්වා පහත වැටී තිබුණි.
නමුත් රට ගැන තෘප්තිය යන කාරණාව සම්බන්ධයෙන් ඔක්තෝබර් මාසයේදී සිදුකළ සමීක්ෂණයේදී ජනතාවගෙන් සියයට 7ක් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්ව තිබුණු බව වෙරිටේ රිසර්ච් සඳහන් කළේය.
ආර්ථිකයේ තත්ත්වය සහ එහි ගමන් පථය පිළිබඳව ජනතා විමසුමද මෙහිදී සොයාබලා තිබේ.
ඒ අනුව, ආර්ථිකය ගැන තිබෙන විශ්වාසය සලකා බැලීමේදී මේ වසර ආරම්භයේදී සියයට සෘණ 83ක් ලෙස පැවැති ජනතා විශ්වාසය පසුගිය ජුනි මාසය වනවිට සියයට සෘණ 96ක් දක්වා තවදුරටත් පහත වැටී තිබුණි.
කෙසේවෙතත් මේ ඔක්තෝබර් මාසය සැලකීමේදී මෙරට ආර්ථිකය ගැන තිබුණු ජනතා විශ්වාසය සියයට සෘණ 77.9 අගයේ සටහන්ව තිබුණි.
මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩවල තොග මිල පහළ දැමුණත් එහි වාසිය ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට නොලැබෙන්නේ කළු කඩ මාෆියාව හේතුවෙන් බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය චෝදනා කරයි.
මේ අතර අපනයන ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ඇඟලුම් ක්ෂේත්රයෙන් උපයනු ලැබුවත් එම ප්‍රතිලාභය සේවකයන්ට හිමිව නැතැයි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය පෙන්වා දෙයි.