ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ X-ray යන්ත්‍ර අක්‍රීය වෙයි

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ X-ray යන්ත්‍ර අක්‍රීය වෙයි

October 30, 2022   08:24 am

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එක්ස්රේ යන්ත්‍ර අක්‍රීයවීම හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා සඳහන් කළේ මාස 03කට අධික කාලයක සිට අදාළ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු මතුවී ඇති බවය.

මේ හේතුවෙන් රෝගීන්ට දින ගණනක් රෝහල තුළ රැඳීසිටීමට සිදුව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.