පාන් බර ගැන නීතියේ දක්වා නැහැ - කිරුම් මිනුම් සංගමය

පාන් බර ගැන නීතියේ දක්වා නැහැ - කිරුම් මිනුම් සංගමය

October 29, 2022   09:37 pm

කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ ජාතික සංගමය පවසන්නේ පවතින නීතිය මත පාන් ගෙඩියක නිසි බර ප්‍රමාණය පෙන්වාදී නොමැති නිසා බේකරිහිමියන්ට හා වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කිරුම් මිනුම් පරීක්ෂකවරුන්ගේ ජාතික සංගමයේ මාධ්‍ය ප්‍රකාශක දුලිත් අශෝක මහතා,

"පනතේ පාන් ගෙඩිය ග්‍රෑම් 450යි කියලා සඳහන් වෙලා නැති නිසා වංචනිකයින්ට රිංගන්න පුළුවන් වෙලා තිබෙනවා. අපි කියන්නේ මේ හිඩැස වහලා දෙන්න කියලා. පනතේ ග්‍රෑම් 225ටත් පාන් හදන්න පුළුවන් නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩිය ග්‍රෑම් 225ට හදලා දෙනවා."