කඩා වැටුණු අඹ ගසට යට වී එක්දරු පියා ජීවිතක්ෂයට

කඩා වැටුණු අඹ ගසට යට වී එක්දරු පියා ජීවිතක්ෂයට

October 19, 2022   01:02 pm

තද සුළඟක් හේතුවෙන් කඩාවැටුණු අඹ ගසකට යටවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (18) රාත්‍රි හටගත් තද සුළඟක් සමග අඹ ගසක් කඩාවැටීමෙන් ගම්පොළ අටබාගේ වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි 63 හැවිරිදි එක්දරු පියෙක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
 
සිය මියගිය මාමණ්ඩියගේ දේහය නිවසේ තැන්පත් කර තිබියදී ඊට තනි රකිමින් සිටි එම පුද්ගලයා ඊයේ රාත්‍රි 12ට පමණ නිවසට පැමිණෙන මාර්ගයට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී හටගත් තද සුළඟක් සමග අඹගසක් ඔහුගේ හිස මතට කඩා වැටී තිබුණි.

අඹගස කඩා වැටි තිබුණද ඊට පුද්ගලයෙකු යටවී ඇති බවට ඒ අවට පිරිස් දැන සිට නොමැත.

අද (19) උදෑසන කඩා වැටුණු අඹ ගසේ අතු ඉවත් කරමින් සිටියදි මියගිය පුද්ගලයාගේ දේහය හමුවී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, ඒ වන විටත් මියගිය පුද්ගලයාගේ නිවස තුළ සිය මාමණ්ඩියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරමින් තිබුණු බවය.