කොදෙව්වන්ට ලකුණු 161ක ඉලක්කයක්
October 17, 2022 12:10 pm
20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ වටයේ තවත් තරගයක් මේ වන විට පැවැත්වෙයි.
ඒ් ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරය.
එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5ක් දැවී ලකුණු 160ක් රැස්කර ගැනීමට සමත්විය.
තරගයේ කාසිය වාසිය දිනූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ස්කොට්ලන්ත කාණ්ඩායමට ලබාදී තිබුණි.
එහිදී ස්කොට්ලන්ත කණ්ඩායම වෙනුවෙන් ජෝර්ජ් මන්සි නොදැවී ලකුණු 66ක් රැස්කළ අතර මැක්ලියෝඩ් ලකුණු 23ක් රැස් කළේය.
ඒ අනුව තරගය ජයගැනීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 161කි.
