දූෂිතයා හැම වේලාවෙම බලන්නේ අනිත් දූෂිතයා ආරක්ෂා කරන්න -අනුර

දූෂිතයා හැම වේලාවෙම බලන්නේ අනිත් දූෂිතයා ආරක්ෂා කරන්න -අනුර

October 16, 2022   09:14 pm

මැතිවරණ සිතියම හකුළා දැමීමට ජනාධිපතිවරයා ගන්නා සියලු උත්සාහයන් පරාජය කරන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කැස්බෑවේ පැවති ජන හමුවකදී ඔහු මේ පිළිබඳව අදහස් පළකළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක මහතා,

"එළඹෙන ඕනෑම මැතිවරණයකදී ආණ්ඩුවේ පැවැත්ම අහෝසි කරනවා. දැන් අන්න රනිල් වික්‍රමසිංහ ගැටයක් ගහන්න හදනවා පළාත් පාලන මන්ත්‍රීවරු සංඛ්‍යාව අඩුකිරීම සඳහා ඡන්ද ක්‍රමයක් හදමු කියලා. එතකොට කොට්ඨාස 5,000 කොට්ඨාස 3,000 දක්වා අඩුකරන්න නම් සීමා නිර්ණයක් අවශ්‍යයි.  සීමා නිර්ණයක් තියන්න අවුරුදු 3ක්වත් යනවා. දැන්මේ රනිල් වික්‍රමසිංහ ලෑස්තිවෙලා තියෙන්නේ මැවරණ සිතියම හකුළන්න. මතක තියාගන්න  කවුරු ඉඩදුන්නත්. අපේ රටේ  ඡන්ද සිතියම අකුළන්න අපි ඉඩ දෙන්නේ නැහැ. මම දැක්ක මහින්ද මහත්තයා යළි නැඟිටින්න එනවා කළුතරින්.  අපි හැමදෙනාම වයෝවෘද්ධ වුණාම ඊට සරිලන ජීවන රටාවක් තිබෙනවා.  දැන් කට්ටිය මොකද කරන්නේ. වියපත් වෙලත් ජීවන රටාව නැඟිටින්න බලය.. ඒ නිසා දේශපාලන කඳවුරු නැවත පැරණි වෙස් මුහුණුවලින් නැඟිටින්න පටන් අරගෙන තියෙනවා. ඒ දැන් දේශපාලනය අවලංගුයි. කළුතර රැස්වීම නැඟිට්ට වේගයට වඩා වැටුණු වේගය වැඩියි කියලා අපිට හිතෙනවා. ඊළඟ දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා වංචා, දූෂණවලට තිත තියනවාලු. තිත තියන්න එයා... මුලින්ම එයාට තිත තියාගන්න ඕන. විගණකාධිපතිතුමාගේ වාර්තා අනුව ඒයාට ඒක කියන්න පුළුවන්ද ඒයාගේ වේදිකාවල. පිටිපස්ස බලපුවාම රාජිත, කිරිඇල්ල, රවී අවේ නැහැ. ආවනම් ඒත් ගන්නවා. දූෂිතයෙක් තවත් දූෂිතයෙක්ට දඬුවම් දෙන්නේ නැහැ. දූෂිතයා හැමවෙලාවේම බලන්නේ අනිත් දූෂිතයා ආරක්ෂා කරන්න ඕන කියලා. මොකද එයා ආපුවාහම මට ගහයි කියලා."