ශ්‍රී ලංකාවට ලකුණු 164ක ඉලක්කයක්
October 16, 2022 11:11 am
20යි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියාව පන්දුවාර 20 අවසානයේ ලකුණු 163ක් රැස් කළේය.
ගීලොන්ග් හි පැවැත්වෙන එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.
ඒ අනුව කඩුලු 7ක් දැවී නැමීබියාව ලකුණු 163ක් ලබාගත්තේය.
පන්දුයැවීමේ දී ප්‍රමෝද් මධුෂාන් ලකුණු 37කට කඩුලු 2ක් දවාගත්තේය.
මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු එක බැගින් දවාගත්හ.