අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 11කට බලපෑම්
October 16, 2022 10:23 am
දිස්ත්‍රික්ක 11කට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 55,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 13,902කට අයත් පුද්ගලයින් 55,435 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවය.
පසුගිය දින කිහිපය තුළ පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට, ගාල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, කළුතර, ගම්පහ, කොළඹ, පුත්තලම, රත්නපුර, කෑගල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවලට බලපෑම් එල්ල විය.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක 06 සඳහා නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනයක් ද නිකුත් කර තිබේ.
වර්ෂාවත් සමග ගංගා කිහිපයක් පිටාර ගැලීමට පටන් ගෙන ඇති අතර කැලණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟ ආශ්‍රිතව ඇතැම් ස්ථානවල සුළු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති අතර අත්තනගලු ඔය ද පිටාර මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.