ශ්‍රී ලංකා ඉනිම ලකුණු 65කට සීමා වෙයි
October 15, 2022 02:33 pm
ආසියානු කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වෙයි.
තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනාගත් අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටය.
ඒ අනුව ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඉන්දීය පන්දුයවන්නියන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු 65කට සීමා කිරීමට සමත්විය.
නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ශ්‍රී ලංකාවට ලබාගත හැකිවූයේ ලකුණු 65ක් වන අතර තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවී ඇති ඉලක්කය ලකුණු 66කි.