පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගැනේ

පස්කන්දට යටවූ තරුණයාගේ සිරුරත් සොයා ගැනේ

October 15, 2022   11:38 am

වරකාපොල, අගුරුවැල්ල තුඹලියද්ද ප්‍රදේශයේදී දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් අතුරුදන්වී සිටි මවගේ සහ පුතුගේ සිරුරු මේ වනවිට සොයාගෙන තිබේ.

අනතුර සිදුවී තිබුණේ ඊයේ (14) සවස 3.30ට පමණ ඇතිවූ අධික වර්ෂාවත් සමගය.

මව 47 හැවිරිදි වියේ පසුවූ අතර පුතා 24 හැවිරිදි තරුණයෙකි.

ඊයේ සවස 4.30 පමණ සුන්බුන් අතර සිරවී සිටි පියාව බේරාගත් අතර ඔහුව වරකාපොල රෝහලට ඇතුළත් කෙරුණි.

ඔහුගේ පාදය අස්ථි බිඳීමට ලක්වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

එම නිවසේ තවත් කුඩා දරුවෙකු සිට ඇති අතර අනතුර සිදුවෙන අවස්ථාවේදී ඔහු ශිෂ්‍යත්ව පන්තියක් සඳහා සහභාගී වී සිට තිබේ.

එම දරුවා මේ වනවිට අසල නිවසක රැඳී සිටින බව අප වාර්තාකරු පැවසීය.