අනතුර මැද සිදුවූ බිහිසුණු අනතුර

අනතුර මැද සිදුවූ බිහිසුණු අනතුර

October 5, 2022   10:27 pm

අනතුරකට පසුව එම ස්ථානයේම සිදුවූ තවත් බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකුට දිවි අහිමි වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ අනතුර වාර්තාවන්නේ ඉන්දියාවේ මුම්බායි හි Bandra-Worli පාලම මතදීය.

මෙම මාරක අනතුර සිදුවන්නට පෙර එම ස්ථානයේ වෙනත් රිය අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ පිරිස රෝහල්ගතකිරීමට සඳහා අදාළ ස්ථානයට ගිලන් රථයක් පැමිණ ඇති අතර අනතුරින් පසුව තවත් පිරිසක් ද එම ස්ථානයට රැස්ව සිට තිබේ.

එම අවස්ථාවේදී කිසිවෙකු බලාපොරොත්තු නොවූ අයුරින් අධික වේගයෙන් පැමිණි වෙනත් මෝටර් රථයක් එම පිරිස අනතුරට ලක්කරමින් ගිලන් රථයේද ගැටී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එම අනතුරින් තවත් 12 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව එම වාර්තා වැඩිදුරටත් පවසයි.

එම අනතුර CCTV කැමරාවක පටිගතව තිබූ අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි.

 

මේ අතර ඉන්දියාවේ Uttarakhand ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බිහිසුණු අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකුට දිවි අහිමිව ඇත.

අනතුරට ලක්ව ඇති බස් රථය මීටර් 500ක් පමණ ප්‍රපාතයකට පෙරළීයාම හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

එහිදී මුදාගැනීමේ මෙහෙයුමේදී තවත් පුද්ගලයින් 21 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇත.

අනතුරට ලක්ව ඇත්තේ මංගල උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයකි.