බදු සහන නියමයට අනුමැතිය ලැබෙයි

බදු සහන නියමයට අනුමැතිය ලැබෙයි

October 4, 2022   06:08 pm

ආයෝජන මණ්ඩලය නිසි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසු ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ නියමයට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවී තිබේ.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිසි විශ්ලේෂණයක් ලබානොදීම හේතුවෙන් ඊයේ (03) අනුමතිය හිමි නොවූ 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ අංක 2291/25 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කළ නියමයට එලෙස අද ‍(04) පෙරවරුවේ රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ආයෝජනය සිදුකරන සමාගමට බදු සහන වසර 17ක කාලයක් ලබා දීමේ පදනම කුමක්ද යන්න නිවැරදිව විශ්ලේෂණය කළ යුතු බවත් ආයෝජනයේ ප්‍රමාණය අනුව මෙම ලබාදෙන බදු සහන තීරණය කෙරෙන නිසි ප්‍රතිපත්තියක් ඉදිරියේදී සකස් වියයුතු බවත් කාරක සභාව මෙහිදී පෙන්වාදී තිබුණි.