වාහන මිල පහළට
September 29, 2022 04:29 pm
වාහනවලට ඇති ඉල්ලුම අධික ලෙස පහළ බැසීමත් සමඟ වෙළෙඳපොලේ වාහන මිල ගණන් සීඝ්‍රයෙන් පහළබසිමින් තිබෙන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා අද දෙරණට අදහස් දක්වමින් මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ මිල අධික වාහන අලෙවි කිරීමට හෝ නොහැකි තත්ත්වයක් මේ වනවිට උද්ගතව ඇති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා.
"රටේ හැම වෙළෙඳාමකටම ඉල්ලුම සැපයුම බලපානවා. ඒ තත්ත්වය මත මිනිසුන්ට දරාගැනීමට නොහැකිවීම මත ඉල්ලුම අඩුවෙලා තියෙනවා. ඒ නිසා වාහන මිල සීඝ්‍ර ලෙස පහළ බැහැලා තියෙනවා, දැනට ලක්ෂ 30ට අඩු වාහන මිල අඩුවෙලා නෑ මොකද ඒවා තාම කෙනෙක්ට තමුන්ගේ තියෙන මුදල්වලින් ගැනීමේ හැකියාව තියෙනවා, ඒ වාහන දැනට වෙළෙඳපොළේ විකිණෙනවා සහ ඒ මිල ගණන් යමිකිසි ස්ථාවරත්වයක තියෙනවා. ලක්ෂ 30ත් 50ත් 60ත් අතර වාහන යම්කිසි ප්‍රමාණයක් විකිණෙනවා. ලක්ෂ 100ට වඩා වැඩි වාහන විකුණාගැනීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා තියෙනවා."