ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
September 24, 2022 09:13 am
ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ගජමුතු සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සැකකරු සතු තිබූ ගජමුතු 08ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් කෝටියක් පමණ බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදිය.
ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.