බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

September 22, 2022   08:04 am

කොත්මලේ පොලිස් වසමේ වැවැන්ඩන් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවෙක් බඹර ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයින් දෙදෙනෙක් රෝහල්ගත කළ බවට වූ පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය.

බඹර ප්‍රහාරයක් හේතුවෙන් අවුරුදු 60ක හා 23ක පුද්ගලයින් දෙදෙනෙක් එලෙස රෝහල්ගත කර ඇති අතර වයස්ගත පුද්ගලයා රෝහල්ගත කරන අවස්ථාව වෙන විටත් ජීවිතක්ෂයට පත්ව සිටි බවත් පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.