උසස්පෙළ ජයගත් 09 වසරේ දෙවුම් සනහස්

උසස්පෙළ ජයගත් 09 වසරේ දෙවුම් සනහස්

August 29, 2022   03:00 pm

වයස අවුරුදු 14දී උසස් පෙළ විභාගයට මුහුණදී සමත් වූ හපනෙකු පිළිබඳව පුවතක් අද දෙරණට වාර්තා විය.

මෙලෙස මෙවර උසස් පෙළ විභාගයට මුහුණදී සමත්ව ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි දෙවුම් සනහස් රණසිංහ නමැති දරුවාය.

දෙවුම් සනහස් වාණිජ අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර ඔහු B සාමාර්ථ තුනක් ලබාගනිමින් විභාගය සමත්ව තිබේ.

මාස 05ක පමණ කෙටි කාලයකදී විභාගය සඳහා සූදානම් වී මෙම සුවිශේෂී සාමාර්ථය ලබාගත් බව දෙවුම් පවසයි.

දෙවුම් සනහස් 08වසරේ ඉගෙනුම ලබමින් සිටියදී මීට පෙර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත.

මාස 07ක් පමණ කෙටි කාලයකදී ඒ සඳහා සූදානම් වී ඇති දෙවුම් සනහස් සාමාන්‍ය පෙළ විභාගයද විශිෂ්ඨ ලෙස සමත් වී තිබේ.

එහිදී ඔහුගේ ප්‍රතිඵලය වී ඇත්තේ A සාමාර්ථ 5ක් , B සාමාර්ථ 2ක් සහ එක්‌  C සාමාර්ථයකි.

තමන්ගේ එකම අරමුණ වන නීතිඥයෙකු සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමේ සිහිනය යතාර්ථයක් කරගැනීමට දෙවුම් සනහස්ට අපිත් සුබ පතමු.