ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ට නව තනතුරක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ට නව තනතුරක්

August 27, 2022   10:42 pm

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ රුවන් ගුණසේකර මහතා අධිකරණ ආරක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කර තිබේ.

පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පොලිස්පතිවරයා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති බවය.

මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි පසු ගිය 22 වැනිදා සිට මෙම පත්වීම සිදුකර තිබේ.