ටයිල් ආනයනය ගැන තීරණයක්

ටයිල් ආනයනය ගැන තීරණයක්

August 25, 2022   03:08 pm

ආනයන සීමා යටතේ මෙරටට ගෙන්වීම මේ වනවිට තහනම් කර ඇති ටයිල් ඇතුළු ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු වර්ග රැසක් "කොන්දේසි සහිතව" ආනයනය කිරීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවන අනුමත සහාධිපත්‍ය (Condominium) ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, හෝටල් ව්‍යාපෘති සහ රජයේ ව්‍යාපෘති සඳහා අදාළ ආනයන කිරීමට අවසර හිමිවෙයි.

අදාළ උපාංග ගෙන්විය යුත්තේ සෘජුව හෝ වක්‍රව නැවත විකිණීම අරමුණින් නොවන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.

මේ සඳහා සිදුකරන ගෙවීම් සඳහා දින 180ක කාලයක් යටතේ වන ණයවර ලිපි මගින් කළ යුතු අතර ඒ සඳහා ආනයන අපනයන පාලක, භාණ්ඩාගාර ලේකම්, මුදල් අමාත්‍යවරයාගේ අවසරය ලබාගැනීම වැනි කොන්දේසි ඇතුළත් වේ.

ඊට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.