ගොයම් කපන යන්ත්‍රයට යටවී එහි ක්‍රියාකරු මරුට

ගොයම් කපන යන්ත්‍රයට යටවී එහි ක්‍රියාකරු මරුට

August 20, 2022   05:10 pm

ගොයම් කපන යන්ත්‍රයක් පෙරළී එහි ක්‍රියාකරු ඊට යටවී සිදුවූ අනතුරකින් එම පුද්ගලයා මියගොස් තිබේ.

අද (20) එම අනතුර සිදුවී තිබුණේ රත්නපුර හංගමුව ගොඩවෙල ප්‍රදේශයේදී.

ගොයම් කැපීම සඳහා එම යන්ත්‍රය කුඹුරට ගැනීමට යෑමේදී එය පෙරළී මෙම අනතුර සිදුවී තිබේ.

ඊට යටවූ එහි ක්‍රියාකරු මුදාගැනීමට පැය කිහිපයක මෙහෙයුමක් දියත් කිරීමට සිදුවී තිබෙන අතර පසුව රෝහල වෙත රැගෙනයෑමේදී ඔහු මියගොස් ඇති බව වාර්තා විය.

එලෙස මියගොස් ඇත්තේ දෙදරු පියෙක් වන 59 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.