HSBC ප්‍රධානියෙක් පැමිණෙයි
June 20, 2022 03:24 pm
HSBC සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සූරේන්ද්‍ර රෝෂා මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඔහු ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් හමුවී අදහස් හුවමාරු කරගත් බව වාර්තා විය.
ශ්‍රී ලංකාවට සහාය වියයුතු ආකාරය පිළිබඳව එම සාකච්ඡා වලදී අවධානයට ලක්වූ බව සඳහන්ය.
