ශ්‍රි ලංකා ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියෙන් ඉල්ලීමක්
May 20, 2022 09:36 am
රටේ පවතින විදුලි අර්බුදය යථා තත්වයට පත්වන තුරු බලශක්ති පරිභෝජනය සීමා කිරීමේ ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු බව ශ්‍රි ලංකා ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.
ඒ අනුව එම අධිකාරිය මහජනතාවට දැනුම් දෙන්නේ සංඥා පුවරු, එල්.ඊ.ඩි සංඥා, ඩිජිටල් සහ මුද්‍රිත දැන්වීම් පුවරු සදහා මෙන්ම ආරක්ෂක අවශ්‍යතා සඳහා වන ආලෝකකරණය හැර ගොඩනැගිලි මුහුණත් ආලෝකකරණය කිරීම සඳහා ජාතික විදුලි පද්ධතියෙන් සපයන විදුලිය භාවිත නොකරන ලෙසටය.