දෙරණ ස්ටාර්ස් ඉන් කොන්සර්ට් ඔස්ට්‍රේලියාවේ දී
May 18, 2022 01:54 pm
"දෙරණ ස්ටාර්ස් ඉන් කොන්සර්ට් ඔස්ට්‍රේලියා" ප්‍රසංගය ලබන 20 වනදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී සහ 22 වනදා සිඩ්නි නුවරදී පැවත්වීමට නියමිතය.
"දෙරණ ඩ්‍රීම් ස්ටාර්" තරු රැසක් මෙම ප්‍රසංගය සඳහා එක්වීමට සුදානමින් සිටී.
සිඩ්නි හී LANKA EVENTS සංවිධානය කරන DERANA STARS IN CONCERT AUSTRALIA ප්‍රසංගය මැයි මස 20 වැනිදින මෙල්බන් නුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ශික්ෂා සංගීත කණ්ඩායමේ සංගීතයෙන් වර්ණවත් වන ප්‍රසංගයට නදීක ගුරුගේ, කීර්ති පැස්කුවෙල් යන කලාකරුවන් එක්වීමට නියමිතය.
එමෙන් රවීන් කනිෂ්ක, ෆැලන් ඇන්ඩ්‍රියා, නුවන්ධිකා සේනාරත්න, දුලංග සම්පත් යන දෙරණ ඩ්‍රීම් ස්ටාර් සිහින තරු ද එම ප්‍රසංගය වර්ණවත් කිරීමට එක්වේ.
ප්‍රසංගයේ තවත් අදියරක් මැයි මස 22 වනදා සිඩ්නි නුවරදී පැවැත්වේ.
