අගමැතිගේ දෙබිඩි පිළිවෙතක් ගැන රංජිත් මද්දුම බණ්ඩාර කියයි
May 17, 2022 04:57 pm
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව සමගි ජන බලවේගය චෝදනා කරයි.
එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා,
"රටේ ඇවී තිබෙන තත්ත්වයට ප්‍රධාන වැරදිකාරය තමයි ආණ්ඩුව. ඒ ආණ්ඩුවේ ප්‍රධානියා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා. ජනාධිපතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා. සමහර අය ඒකට විරුද්ධව ඡන්දය දුන්නා. මේක විවාදයට ගන්න එපා කියලා. මේ විවාදයට ගන්වාද ? නැද්ද කියලා. මට මතකයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, අගමැතිවෙලා පළමුවෙන් ගංගාරාමයට ගිහින් කිව්වා "ගෝඨාගෝගම" දිගටම ගෙනියන්නට ඕනේ. "ගෝඨාගෝහෝම්" කියන එක තියෙන්න ඕනේ. එහෙම කියපු රනිල් වික්‍රමසිංහි මහතා අද ඡන්දයක් දෙනවා ජනාධිපතිවරයා විරුද්ධව ගෙනා ආ විශ්වාසභංගය සාකච්ඡාවට ගන්න එපා කියලා. මේක දෙබිඩි පිළිවෙතක් නේද? මට පෙනෙන්නේ මේ පිහිටවපු ආණ්ඩුව ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ. ඇතුළේ ඉන්න කොටසක් රනිල් වික්‍රමසිංහ මහත්තයා කියන දේ අහන්නේ නැහැ. කොටසක් අහනවා. තවත් කොටසක් අහක බලාගෙන ඉන්නවා. තවත් කොටසක් යටින් මේවා කරනවා. අපි සමගි ජන බලවේගය මේ රට මේ ව්‍යසනකාරී තත්ත්වයෙන් ගොඩගන්න, මේ ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න හැම සහයෝගයක්ම දෙනවා."
