ස්වාධීන කණ්ඩායමේ නියෝජිතයින් ජනපති හමුවෙයි - සාකච්ඡාවට බැසිලුත් එක්වෙයි
May 2, 2022 04:01 pm
අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර අද (02) කොටුව ජනාධිපති නිල නිවසේදී පවත්වා තිබේ.
එහිදී ජාතික ආණ්ඩු සංකල්පයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එකඟතාව පළකර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති එම සාකච්ඡාව සඳහා ආණ්ඩුවෙන් ස්වාධීන වු පක්ෂ නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරුන් සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මහාචාර්ය ජී. එල්. පීරිස්, සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න, බැසිල් රාජපක්ෂ සහ රමේෂ් පතිරණ යන මහත්වරුන් ද සහභාගී වූ බව වාර්තා වේ.
සෙසු දේශපාලන පක්ෂ අන්තර්කාලීන ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීම සඳහා සමූහිකව ක්‍රියාමාර්ග ගැනීමට ද තීරණය කර තිබේ.