ඉන්ධන හලේ කොල්ලයට සොත්ති උපාලිගේ පුතෙක් අත්අඩංගුවට

ඉන්ධන හලේ කොල්ලයට සොත්ති උපාලිගේ පුතෙක් අත්අඩංගුවට

March 24, 2022   08:09 am

ඉන්ධන ලබා ලබා ගැනීමේ මුවාවෙන් පැමිණ නාවල, නුගේගොඩ පාරේ ඉන්ධන පිරවුම් හලකට කඩාවැදී සේවකයන්ට පහර දී මුදල් කොල්ලකෑමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්යය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා අතර ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දැනට මියගොස් සිටින සොත්ති උපාලිගේ පුතෙකු ද වන බව පොලීසිය සඳහන් කරයි. 

ඉකුත් 18 වැනි දා අලුයම තුනට පමණ ත්‍රිරෝද රථයකින් තියුණු ආයුධ රැගෙන කඩාවැදුණු පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් ඉන්ධන හලේ සේවකයන්ට පහරදී රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් කොල්ලකා පළා ගොස් තිබුණි.

කොල්ලකෑමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු මිරිහාන මූලස්ථාන පොලීසිය මඟින් කොල්ලකෑ මුදලින් රුපියල් දස දහසක්, හොරෙයින් මත්කුඩු ග්‍රෑම් 10ක් සහ කොල්ලයට යොදාගත් ත්‍රිරෝද රථය සහ කඩු හතරක් සමග පුද්ගලයන් දෙදෙනකු පුද්ගලයන් මීට පෙර  අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බොරැල්ල හා කොළඹ 8 ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 27 හා 29 පසුවන්නන්ය.

පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලීසියට භාර දී ඇත.