පුංචි කාලේ මං කෘතිය එළිදක්වයි
January 14, 2022 09:50 pm
අද දෙරණ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සාමාන්‍යාධිකාරි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී වසන්ති නානායක්කාර මහත්මිය විසින් රචිත ''පුංචි කාලේ මං" කෘතිය එළිදැක්වීම ඊයේ (13) පස්වරුවේ ටී.වී. දෙරණ පරිශ්‍රයේදී සිදුකෙරුණි.
ඒ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සහ දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.
මේ අතර දිවයිනේ ජනප්‍රියම පුවත්පත් ආයතනයක් වන අරුණ පුවත්පත් ආයතනයේ දෙමළ මාධ්‍යයේ අධ්‍යාපන පුවත්පත වන ජූනියර් තමිලන් පුවත්පතේ පළමු සංවත්සරය අද (14) සමරනු ලැබීය.
අරුණ පුවත්පත් ආයතනයේදී එම සැමරුම අද සිදු කෙරුණේ තෛපොංගල් දිනයට සමගාමීවය.