අදත් විදුලි කප්පාදුවක්
January 12, 2022 08:05 am
නිවේදනය කර ඇති කාලසටහනට අනුව අද (12) රාත්‍රි පැයක කාලයක් විදුලිය කප්පාදු කරන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.
පෞද්ගලික බලාගාරයකට අයත් යන්ත්‍රයක ඊයේ (11) රාත්‍රි සිදුවූ හදිසි බිඳවැටීමත් සමග ජාතික විදුලි පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාව යථා තත්ත්වයට පත්කරගන්නා තුරු එම කප්පාදුව සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
ඊයේ දිනයේ දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලිය කප්පාදුවක් සිදුනොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය උදෑසන නිවේදනය කර තිබුණද ඊයේ රාත්‍රී 8ට පමණ දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධිවීම් වාර්තා වුණි.
කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුර, වව්නියාව, අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මෙලෙස විදුලිය විසන්ධි වීම් වාර්තා විය.
විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ සොජිට්ස් කැලණිතිස්ස පෞද්ගලික සමාගමට අයත් බලාගාරයේ යන්ත්‍රයක සිදුවූ හදිසි බිඳවැටීමක් සමග මෙගාවොට් 163ක් පමණ ජාතික පද්ධතියෙන් ඉවත් වීම එම විදුලිය විසන්ධිවීමට හේතු වූ බවය.
එම බලාගාරය යථා තත්ත්වය පත්කිරීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙවැනි පසුබිමක ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ දැනටමත් නිවේදනය කර ඇති කාලසටහනට අනුව පැයක කාලයක් විදුලිය කප්පාදු කිරීම සිදුකරන බවය.
ඒ අනුව දිවයිනේ ප්‍රදේශ A,B,C හා D වශයෙන් කලාප හතරකට බෙදා වෙන් කර ඇති අතර පස්වරු 5.30ත් රාත්‍රී 9.30 අතර කාලය තුළ එක් කලාපයකට පැයක් බැගින් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.
එම කාලසටහන අනුව අද දිනයේ සී කලාපයට පස්වරු 5.30ත් පස්වරු 6.30ත් අතරත්,ඩී කලාපයට පස්වරු 6.30ත් රාත්‍රී 7.30ත් අතරත්, ඒ කලාපයට පස්වරු රාත්‍රී 7.30ත් රාත්‍රී 8.30ත් අතරත්, බී කලාපයට රාත්‍රී 8.30ත් රාත්‍රී 9.30ත් අතර ලෙස විදුලිය විසන්ධි කිරීමට අපේක්ෂිතය.
එම කලාප පිළිබඳ වැඩිදුර තොරතුරු පහතින් දැක්වේ.