උත්සව සතියේ අනතුරුවලින් මරණ 50ක්

උත්සව සතියේ අනතුරුවලින් මරණ 50ක්

January 3, 2022   12:13 pm

දෙසැම්බර් අවසාන සතියේ දිවයින්පුරා සිදුවූ රිය අනතුරු 52කින් ඉන් පුද්ගලයින් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එම අනතුරු 25 වනදා සිටි 31 වනදා දක්වා සිදුවූ ඒවා බවය.

2021 වසර තුළ සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 2,365ක් වන අතර ඉන් 2,461 දෙනෙකු මියගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

එමෙන්ම 2021 වසර තුළ බරපතළ තුවාල සිදුවූ අනතුරු 5,383ක් සිදුව ඇති බව ද ඒ මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා, 

"2022 වර්ෂය ජනවාරි පළමු වනදා රිය අනතුරුවලින් පුද්ගලයින් 18 දෙනකු ජීවිතක්ෂයට පත් වුණා. ජනවාරි මස දෙවනදා එනම් ඊයේ දින දිවයිනපුරා මාරක රිය අනතුරු 11ක් සිදුවී තිබුණා. එම මාරක රිය අනතුරු 11න් පුද්ගලයින් 12 දෙනකු මියගොස් තිබෙනවා. ඒ වාගේ ම ඊට පෙර සිදුවූ අනතුරවලින් 3 දෙනෙකු මියගොස් තිබෙනවා."