T20 ලෝක කුසලානය - ශ්‍රී ලංකා පළමු තරඟය අද
October 18, 2021 09:26 am
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරඟය අද (18) පැවැත්වීමට නියමිතව තිබේ.
නැමීබියා කණ්ඩායම සමඟ අබුඩාබි හිදි පැවැත්වෙන එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වේ.
මීට අමතරව අයර්ලන්තය සහ නෙදර්ලන්තය අතර තරඟය ද අද පැවැත්වීමට නියමිතව තිබේ.
මේ අතර, ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ ඊයේ (17) පැවැති තරඟයෙන් බංග්ලාදේශ කණ්ඩායම පරදවා ලකුණු 06ක ජයක් ස්කොට්ලන්ත කණ්ඩායම හිමි කරගෙන තිබේ.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 140ක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 134ක් පමණි.
