මෙරටට කොකේන් ගෙන ආ විදෙස් කාන්තාවක් අත්අඩංගුවට

මෙරටට කොකේන් ගෙන ආ විදෙස් කාන්තාවක් අත්අඩංගුවට

October 15, 2021   09:13 pm

කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 100ක් පමණ ගිල මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නිලධාරින් විසින් එම උගන්ඩා ජාතික කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.    

උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා කටාර් ගුවන් සේවයේ අංක QR 664 ගුවන් යානයෙන් අද දින පෙරවරු 9.00 ට ඇය ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.

කටුනායක ගුවන්තොටුපොළේ පිටවීමේ ගේට්ටුවේ දී නවතා ප්‍රශ්න කිරීමේ දී ඇතිවූ සැකය මත මගීන් පරිලෝකනය කරන යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේ දී මෙම කොකේන් තොගය එම කාන්තාවගේ උදරයේ සඟවා තිබෙන බව සොයා ගන්නා ලදි.

එම අවස්ථාවේ දී ඇය තම උදරයේ කොකේන් අඩංගු ගුලි 100 ඇති බව ප්‍රකාශ කර ඇති අතර මේ වන විට ඉන් ගුලි 51 ඉවතට ගනු ලැබ ඇත.