නවසීලන්ත ගමන පොලීසියෙන් නතරවෙයි

නවසීලන්ත ගමන පොලීසියෙන් නතරවෙයි

October 12, 2021   03:47 pm

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස විදෙස් රටකට යෑමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

එම පිරිස අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් 63ක් සිටි බවත් ඒ අතර සිව් හැවිරිදි දරුවෙක් ද සිටි බවත් අප වාර්තාකරු පැවසීය.

බුද්ධි නිලධාරීන් ට ලැබුණු තොරතුරක් මත පොලීසිය විසින් එම ස්ථානය වටලා සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබුණි.