බුදුපිළිම ජාවාරම්කරුවන් කොටු කරගත් මෙහෙයුම

බුදුපිළිම ජාවාරම්කරුවන් කොටු කරගත් මෙහෙයුම

October 10, 2021   04:11 pm

පෞරාණික වටිනාකමකින් යුතු බුදු පිළිමයක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයින් තිදෙනෙකු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර, නුවරවැව අසල දී නිධානයකින් ලබා ගන්නා ලද බුදුපිළිමයක් රුපියල් ලක්ෂ 60ක මුදලකට අලෙවි කිරීමට යාමේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිහින්තලය සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පදිංදිකරුවන් බව සඳහන් වේ.

සැකකරුවන් අද (10) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.