මුහුදු ජල පවිත්‍රාගාරයේ ඉදිකිරීම් ඇරඹෙයි
October 7, 2021 09:22 am
යාපනයේ ජල නළ පද්ධතිය හා තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරයේ ඉදිකරීම් කටයුතු ආරම්භ කර තිබේ.
අරලියගහ මන්දිරයේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා එක්වී ඇත.
තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරයේ ඉදිකිරීම් හා යාපනය නාගරික ජලසම්පාදන ජල නළ පද්ධති ඇතිරීමේ කටයුතු එහිදී ආරම්භ විය.
යාපනය කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ඔස්සේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 186කට සෞඛ්‍ය ආරක්ෂිත නළ ජලය සැපයීමට අපේක්ෂිත අතර මධ්‍යම රජයේ මුදල් සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.
තාලෛඩි මුහුදු ජල පවිත්‍රාගාරය ඔස්සේ අධි තාක්ෂණික ජල පිරිපහදු තාක්ෂණයෙන් මුහුදු ජලය ආරක්ෂිත පානීය ජලය බවට පත්කිරීමට සැළසුම් කර ඇත.
උතුරු පළාත තුළ දැනට පවතින සියයට 9.6ක් වන ආරක්ෂිත නළ ජල පද්ධතිය 2025 වසර වනවිට සියයට 59.6 දක්වා ඉහළ නැංවීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය මේ අනුව සැලසුම් කර තිබේ.