ඖෂධීය ශාක මාර්ග දෙපස වගා කිරීමේ වැඩපිළිවෙලක්
October 3, 2021 03:45 pm
ශ්‍රී ලංකාවේ ආයුර්වේද හා දේශීය වෙදකම සඳහා යොදා ගන්නා ඖෂධීය ශාක විශේෂයන් රෝපණය කිරීම සඳහා ජාතික වැඩසටහනක් ආරම්භ කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ඒ යටතේ අරළු, බුළු හා නෙල්ලි වැනි ශාඛ රෝපණය කිරීමට නියමිතය.
හුස්ම දෙන තුරු ජාතික රුක් රෝපණ වැඩසටහන යටතේ අරළු, බුළු හා නෙල්ලි වැනි ශාක වනාන්තර ආශ්‍රිතව සහ මාර්ග දෙපස වගා කිරීමට නියමිතය.
එම ශාක අවශ්‍ය තරම් රට තුළ තිබුණ ද ඒවා ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා වසරකට විදේශ විනිමය ඩොලර් මිලියන 09ක් පමණ වැය කරන බවට පසුගියදා පරිසර විශේෂඥයින් විසින් අනාවරණය කර තිබුණි.
අදාළ ශාක මෙරට සෑම ප්‍රදේශයකම රෝපණය කිරීමට හැකියාව පවතින බැවින් ඒ සඳහා වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස ඔවුන් පෙන්වාදුන් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.