සයුරෙන් එතෙර
ඔස්ට්‍රේලියාවේ එන්නත් ලැයිස්තුවට තවත් එන්නත් දෙකක්
October 3, 2021 01:52 pm
සිනොවැක් සහ කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත් දෙක ඔස්ට්‍රේලියාවේ පිළිගත් එන්නත් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
සිනොවැක් කොවිඩ් මර්දන එන්නත චීනයේ නිෂ්පාදනයකි.
ඒ අනුව අදාළ එන්නත සම්බන්ධයෙන් සිදුකෙරුණු ඇගයීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රට තුළ පිළිගත් එන්නත් ලැයිස්තුවට නිල වශයෙන් ඇතුළත් කළ බව ඔස්ට්‍රේලියාව නිවේදනය කළේය.
මෙම පියවරත් සමග ඔස්ට්‍රේලියාවේ ඉගෙනුම ලබන 80,000කට වැඩි චීන සිසුන් පිරිසකට දේශසීමා විවෘත කළ පසු එරටට පැමිණීමට අවස්ථාව හිමිවෙයි.
මේ අතර ඉන්දියාවේ නිෂ්පාදනය කරන කොවිෂීල්ඩ් කොවිඩ් මර්දන එන්නත ද ඔස්ට්‍රේලියාවේ අනුමත එන්නත් ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.
ඒ එම එන්නත ලබාගත් විදේශීය සිසුන්ට සහ සංචාරකයින්ට රට තුළට ඇතුල්වීම සඳහා අවස්ථාව උදාකර දෙමිනි.
