නියඟය...

නියඟය...

September 26, 2021   08:21 am

 

මාස කිහිපයක් පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවන්වලට මේ වනවිට දැඩි හානි සිදුවී තිබේ.

පුත්තලම සහ කල්පිටිය ප්‍රදේශවල සිය පොල් වගාවන් සඳහා එලෙස විශාල හානි සිදුවී ඇති බව වාර්තා වේ.

ජලය නොමැතිවීම හේතුවෙන් පොල් ගස් කඩාවැටීමට පටන්ගෙන ඇති බවද එම වගාකරුවන් පෙන්වා දෙයි.

නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීයවී පැවතියත් එම ප්‍රදේශවලට තවමත් වර්ෂාව නොලැබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.