නිරෝධායන නීතියට මුවා වී කසිප්පු පෙරූ ව්‍යාපාරිකයා - වීඩියෝ සහිතයි

නිරෝධායන නීතියට මුවා වී කසිප්පු පෙරූ ව්‍යාපාරිකයා - වීඩියෝ සහිතයි

August 31, 2021   04:58 pm

නීතිවිරෝධී මත්පැන් මහපරිමාණයෙන් නිෂ්පාදනය කළ නිවසක් වැටලීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අද (31) සමත්වී ඇත.

ඒ අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේදීය.

සැකකරු එළවළු අලෙවි කරන මුවාවෙන් මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබේ.

එහිදී 55 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණු අතර සැකකරු විසින් විවිධ ප්‍රදේශවලට මත්පැන් තොග වශයෙන් බෙදාහැර ඇති බව අනාවරණය වී ඇත.

වැටලීමේදී ගෝඩා ලීටර් 7,000ක්, නීතිවිරෝධී මත්පැන් ලීටර් 450ක් ඇතුළු මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ.

අසල්වැසියන්ට සැක නොසිතෙන ආකාරයෙන් නිවස පිටුපස එලෙස මත්පැන් නිෂ්පාදනය කිරීමට සැකකරු විසින් විශේෂ උපකරණයක් නිෂ්පාදනය කර තිබූ බවද විමර්ශනවලදී හෙළිවී ඇත.