සයුරෙන් එතෙර
චීනයේ වැඩගැන අමෙරිකාව විමසිල්ලෙන්
July 28, 2021 05:33 pm
චීනය තම න්‍යෂ්ටික බලය වර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බව අමෙරිකාව චෝදනා කරයි.
චන්ද්‍රිකා තාක්ෂණයෙන් ලබාගත් ජායාරුප භාවිත කරමින් අමෙරිකානු ආරක්ෂක විශේෂඥයින් පවසා ඇත්තේ න්‍යෂ්ටික අවි ගබඩාකළ හැකි කලාපයක් චීනය විසින් සින්ජියෑන් ප්‍රදේශයේ ගොඩනගමින් සිටින බවය.
එහි කටයුතු පසුගිය මාර්තු මාසයේදී ආරම්භකර ඇති බව සඳහන් වේ. චීනය විසින් ගන්ෂු කලාපයේ තවත් න්‍යෂ්ටික අවි ගබඩාකළ හැකි ස්ථානයක් නිර්මාණය කරන බව පසුගියදා වාර්තා වුණි.
ඒ අනුව සින්ජියෑන් ප්‍රදේශයේ ගොඩනගමින් ඇත්තේ දෙවැනි න්‍යෂ්ටික අවි රැඳවිය හැකි ස්ථානය බව විදෙස් මාධ්‍ය පවසයි.
නමුත් චීන මාධ්‍ය වාර්තා පවසන්නේ එසේ ගොඩනැගෙමින් ඇත්තේ සුළං බලාගාර බවය.
මේ අතර, උතුරු කොරියාව සහ දකුණු කොරියාව නැවත වරක් දෙරට අතර සම්බන්ධතා ගොඩනගා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.
