කොවිඩ් එන්නත ලබාගන්නැයි ගැබිනි කාන්තාවන්ගෙන් ඉල්ලීමක්
July 27, 2021 07:30 pm
ගැබිනි කාන්තාවන්ගේ කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල අකාර්යක්ෂම බව ප්‍රසව හා නාරි රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පවසයි.
ගර්භණී කාන්තාවන්ට එන්නත් ලබා ගැනීම ඉතා සුදුසු බව සිය විද්‍යායතනයෙන් දෙන පණිවුඩය බවද ඔහු පැවසීය.
"හරිම කනගාටුයි. එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ නැහැ. අපි ලබාදෙන පණිවුඩය තමයි ඔබගේ පෞද්ගලික විරුද්ධත්වයක් නැත්නම් එන්නත ඉතා සුදුසුයි. එන්නත සම්බන්ධයෙන් අද වෙනකම් අපිට කිසිඳු ගැටලුවක් වාර්තා වෙලා නැහැ. සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් හෝ රෝහලෙන් එන්නත ලබාගන්න. එය ඔබේ අයිතියක්."
මේ අතර වවුනියාව පැරණි බස්නැවතුම්පොළ තුළ ස්ථාපිත වෙළෙඳසැල් හිමිකරුවන් සහ සේවකයින් 25 දෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
ඒ අනුව එම වෙළෙඳසැල් 10 ක් වසාදැමුණි.