උතුරුමැද පළාතට ජලය සැපයීමට සැලසුම්කළ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය අත්හැර දමලා - පාඩුව රු බි 65ක්
July 26, 2021 04:21 pm
රුපියල් බිලියන 65ක මුදලක් වියදම් කරමින් මොරගහකන්ද ජලාශයේ සිට උතුරුමැද පළාතට ජලය රැගෙනයෑම සඳහා ඉදිකරමින් තිබූ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය මේ වනවිට අතරමැද නවතාදමා ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ අඩුපාඩු සහ අක්‍රමවත් ඉදිකිරීම් හේතුවෙන් නිසා ඔවුන්ව ඉවත්කිරීම නිසා මෙම ඉදිකිරීම් අතරමඟ නවතාදැමීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති නිලධාරීහු කීහ.
එම ව්‍යාපෘතිය සඳහා යොදාගෙන තිබූ යන්ත්‍රෝපකරණ සහ අනෙකුත් මෙවලම් මේ වනවිට දිරාපත් වෙමින් පවතී.
එසේම වැඩබිමේ ඇති යකඩ කපා අලෙවි කිරීමේ වැඩ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
එම යකඩ අලෙවිකර ලබාගන්නා මුදලින් සේවකයන්ට වැටුප් ගෙවීම් සඳහා අවසර ලබාදී තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමයේ ඇරඹුණු මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 වන විට අවසන් කිරීමටට නියමිතව තිබුණි.
උතුරුමැද පළාතේ ගොවි පවුල් 80,000කට පමණ සෙත සැලසීම සඳහා ජලය සැපයීම මෙම ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ අරමුණවී තිබිණි.
ඒ අනුව මොරගහකන්ද ජලාශයේ සිට කිලෝමීටර් 95 ක් පමණ දුරකින් පිහිටි මහාකනදරාව වැව දක්වා මෙම ඇළ මාර්ගය ඉදිකිරීම් සඳහා සැලසුම් කර තිබේ.
මේ වන විවිට එහි ඉදිකිරීම් සියල්ල අතරමග නවතාදමා ඇති බවත් පෞද්ගලික ඉදිකිරීම් සමාගමේ සේවකයන්ට වැටුප් පවා ගෙවා නොමැති බවත් එහි සේවකයෝ පවසති.