ඇෆ්ඝනිස්තානයේ ඇඳිරිනීතිය පැනවේ
සයුරෙන් එතෙර

ඇෆ්ඝනිස්තානයේ ඇඳිරිනීතිය පැනවේ

July 26, 2021   11:40 am

ඇෆ්ඝනිස්තාන රජය විසින් මුළු රටම ආවරණය වන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

තලිබාන් සටන්කාමීන් විසින් නගර ආක්‍රමණය කිරීම වැලැක්වීම සඳහා එරට බලධාරීන් විසින් එම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

තලිබාන් සටන්කාමීන් සහ එරට හමුදා අතර ගැටුම් මේ වන විට උත්සන්නව පවතී. එරට ස්ථානගතව සිටි ජාත්‍යන්තර හමුදා මේ වනවිට එරටින් ඉවත්වෙමින් සිටී.

තලිබාන් කණ්ඩායම් ඇෆ්ඝනිස්තාන භූමි ප්‍රමාණයෙන් 50%ක් පමණ මේ වනවිට අත්පත් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එරට රඳවා සිටින අමෙරිකානු හමුදා සැප්තැම්බර් 11 වනදා වනවිට ඉවත්කරගන්නා බවට ජනාධිපති ජෝ බයිඩන් මීට පෙර පැවසුව ද තම හමුදා කඩිනමින් ඉවත්කර ගැනීමට අමෙරිකානු බලධාරීන් කටයුතු කළේය.