ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්
සයුරෙන් එතෙර

ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්

June 16, 2021   11:58 am

මැකෙන්සි ස්කොට්, ඇමසොන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගේ හිටපු බිරිඳ වේ. ඇය ලොව වෙසෙන ධනවත්ම කාන්තාවන් අතුරින් කෙනෙකි.

ඇය පසුගියදා සුවිශේෂී කටයුත්තක් කර තිබේ. සිය ධනයෙන් ඩොලර් බිලියන 2.7ක් පුණ්‍ය ආයතන සඳහා ප්‍රධානය කිරීමට ඇය පසුගියදා කටයුතු කර ඇති බව වාර්තා වේ.  

"ඓතිහාසිකව මුල්‍ය ආධාර ලැබී නොමැති සහ වැඩි අවධානයක් යොමු නොකර තිබූ වාර්ගික අසමානතාවය නැතිකිරීම, කලා සහ අධ්‍යාපන ක්ෂේත්‍ර" වෙත එම ධන පරිත්‍යාගය කිරීමට මැකෙන්සි ස්කොට් තීරණය කර තිබුණි.

ඒ අනුව සංවිධාන 286කට එම ආධාර මුදල් ලබා දී තිබේ.

මැකෙන්සි ස්කොට්, ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඇමසොන් සමාගමේ නිර්මාතෘ ජෙෆ් බෙසොස් ගෙන් 2019 දී දික්කසාද වුවාය. එහිදී ඇයට විශාල වන්දියක් ලැබුණි.