කළුතර බන්ධනාගාර තාප්පයට ඉහළින් විසි කළ පාර්සලය
June 13, 2021 06:29 pm
කළුතර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරන ලද තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් අද (13) රාජකාරි කළ බන්ධනාගාර නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
අදාළ පාර්සලයේ හෙරොයින් යැයි සැක කළ හැකි මත්ද්‍රව්‍ය ග්‍රෑම් 19ක් බැගින් අඩංගු කුඩා පැකට් 16ක් තිබී සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කළුතර බන්ධනාගාරය තුළට එලෙස විසිකරන ලද තහනම් ද්‍රව්‍ය රැසක් එම අවස්ථාවේදීම සිය භාරයට ගැනීමට එහි නිලධාරීන් මීට පෙරද සමත් වී තිබුණි.
එලෙස විසිකිරීම් සිදුකරන බාහිර පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර පොලීසිය හරහා නඩු පැවරීමට ද කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන සහ මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතා පැවසීය.