ප්‍රවීණ රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් අභාවප්‍රාප්ත වේ

June 11, 2021   02:16 pm

ප්‍රවීණ රංගන ශිල්පී "සැන්ඩෝ" හැරිස් මහතා හදීසියේ ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ.

මේ වන විට ඔහුගේ දේහය රෝහලට ගෙනගොස් ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු 49-හැවිරිදි වියේ පසුවිය.

අද (11) උදෑසන ඒ මහතා කොළඹ හැව්ලොක් පෙදෙසේ පිහිටි නිවෙසට පැමිණ ඇති අතර එහිදී ඔහු හදිසියේ මියගොස් තිබේ.

එම ස්ථානයට පොලිස් "සෝකෝ" කණ්ඩායමක් ද පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බව අප වාර්තාකරු පැවසීය.