තවත් ප්‍රදේශ කිහිපයකට මියගිය මුහුදු සතුන් ගොඩ ගසයි
June 6, 2021 04:37 pm
මියගිය කැස්බෑවන් කිහිපදෙනෙකු සහ මසුන් අද (06) දිනයේ ප්‍රදේශ කිහිපයක වෙරළට ගොඩගසා තිබුණි.
අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේ ඉදුරුව, කොස්ගොඩ, පයාගල, වාද්දුව, දෙහිවල යන ප්‍රදේශවලට මෙම සිරුරු ගොඩගසා තිබූ බවය.
එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව පසුගිය දින කිහිපය තුළම දිවයිනේ ඇතැම් ස්ථානවලට මේ ආකාරයෙන් කැස්බෑවන්ගේ සහ මසුන්ගේ සිරුරු ගොඩගසා තිබුණි.
කෙසේවෙතත් මෙම මුහුදු ජීවින් මියයෑමට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් තහවුරු කළ නොහැකි බව නාරා ආයතනය හෙවත් ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය සඳහන් කරයි.